Sunday, July 28, 2019

The light between oceans


පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද පිටියෙන් නික්ම ආවුන් රණවිරුවන් සේ ඇගයුම් ලැබූ සමය ද කෙමෙන් කෙමෙන් නික්ම යමින් තිබිණි. වීර පදක්කම්, සම්මාන, තරුපටිවල දීප්තිය ගිලිහි යමින් තිබිය දී, ගෞරවාන්විතව හමුදා සේවයෙන් නිදහස් වූ ටොම් ෂර්බෝන් තරුණ රණවිරුවා, ඕස්ට්‍රේලියානුවා උපන් ගම් පියසෙන් බොහෝ දුර බැහැරක ප්‍රදීපාගාර භාරකරුවකු ලෙස රැකියාවක් සඳහා ස්වයං පිටුවහලකට නික්ම ආයේය.

එකී ගමනේ දී ඔහු හමුවන ඉසබෙල්, යෞවනයේ උදාරතර දීප්තියෙන් නැහැවී ගිය යුවතියකි. මිනිස් වාසයෙන් තොර, ගොඩබිමෙන් සැතපුම් ගණනාවක් එපිටින් ඇති හුදකලා දූපතක ප්‍රදීපාගාර භාරකරුවකුගේ පෙම්වතිය සහ ඉනික්බිති ආදර බිරිඳ වන්නට ඈ ගන්නා තීරණය ඇගේ ජීවිතය කුමන අරගලකාරී, අභියෝගාත්මක ඉසව්වකට රැගෙන යාවි ද?

The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක්

ප්‍රේමය මෙන්ම යුද්ධය ද සදාකාලික නොවේ. ප්‍රේමයෙන් සාමය උදා වීම නිසැක කරුණකි. නමුත් යුද්ධයෙන් සාමය උදා කරගත හැකි ද? පශ්චාත් යුද සමයන්හි අළු යට සැඟවුණු ගිනි පුපුරු හඳුනා ඒවා නිවා දමන්නට අවංක උත්සාහයක් නොදරන්නේ නම්, යුද්ධය නිමාවුවද යම් සමාජයක සැබෑ සාමයක් උදා කරලීම සිහිනයක් පමණි.

හැනා දිනූ ප්‍රේමය ෆ්‍රාන්ස් යොහැනස් රොන්ෆෙල්ට් ජර්මානුවකු වීම ඔහුගේ වරදක් ද? ඇයගේ වරදක්ද? ප්‍රේමයේ වරදක් ද? සාම්ප්‍රදායික සමාජ බැඳීම් පසෙකලා, සියලු විරෝධතා පසෙක ලා දෙදෙන එක්තැන් වන්නේ ලෝක යුද්දයක් ඇවිළවූ ජාතිවාදයට වඩා ප්‍රේමය බලවත් වූ බැවිනි. එකී ප්‍රේමයේ ඵලය පුංචි ග්‍රේස් ය.

නමුත් යුද අනුස්මරණය උත්සවාකාරීව පැවැත්වෙන එක් දිනයක අළු යට සැඟව පැවති ජාතිවාදයේ ගිනි පුපුරු නැවත ඇවිලී, ලැව් ගින්නක්ව නැගී එන්නේ තැබෑරුමක් තුළිනි. මත් වූ හිත්වලට තව තවත් මත්වන්නට, මත් වී විකල්වන්නට ජාත්‍යාලය ද හොඳ මධු ඔඩමකි. සැකය, අවිශ්වාසය ඇති තැන බැඳීම් සුණු විසුණුව යන්නේ අසුරු සැණෙනි. ඉතින් ඇවිළෙන්නට වැඩිමනත් යමක් උවමනා නොවේ. ඒ ඇවිළෙන ජාතිවාදී ගින්න රොන්ෆෙල්ට් වෙතට මරු විකාරෙන් ළඟා වන මොහොතේ ඔහු හබල් ඔරුවකට නැගී සාගර ගැඹුරට ඇදී යන්නේ සිය සිඟිති බිළිඳිය ග්‍රේස් ද සමඟිනි.

පශ්චාත් යුද සමය මනුෂ්‍යත්වය නගා සිටුවනු පිණිස, එකිනෙකා අතර විශ්වාසය තහවුරු කරනු පිණිස, අතීත තුවාල සුවපත් කර නිවීම සැනසීම උදා කරනු පිණිස කටයුතු කොට තිබුණේ නම් ?



ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරුගේ බිරිඳව එහි යන ඉසබෙල් තෙවන වරටත් දරුවකු පිළිබඳ අපේක්ෂා ගිළිහී ගිය දැදුරු හදින් පීඩිතව සිටින මොහොතකය ඒ බිළිඳු හඬ ඈ සිසාරා රැව් දෙන්නේ. සැතපුම් ගණනාවක් දුරට කාත් කවුරුත් නැති මහා සාගරයක තනි වූ කුඩා දූපතකට කොහෙන්ද ඒ බිළිඳු හඬ?

විමසිලිමත් වන ටොම් ෂර්බෝන් දකින්නේ මිය ගිය මිනිසකු සහ සිඟිත්තියක සමඟ වෙරළට ගොඩ ගසා ඇති හබල් ඔරුවකි.

නීති, නියෝග, අණ පණත් සියල්ල බැහැර කරන ඉසබෙල් ඒ කුඩා දියණියට මව්වීමට තමන්ටම ප්‍රතිඥා දෙයි. මේ අතර ජානුස් ගලෙන් දුර බැහැර පාටේජස් තුඩුවේ බිළිඳියගේ සැබෑ මව හැනා රොන්ෆෙල්ට් තම ස්වාමියා ද, දියණිය ද අහිමි වූ ශෝකයෙන් උමතුවන්නට ආසන්නව කඩා වැටී සිටියාය. ඇත්තෙන්ම අරගල, යුද්ධ, කලකෝලහාල මැද වඩාත් අසරණ වන්නේ ද, පීඩාවට පත්වන්නේ ද, දුක් වේදනා උහුළන්නේ ද ගැහැනුන් සහ දරුවන් ය. යුද්දය පිරිමින්ට අභිමානයේ උරගලක් වන විට එය ගැහැනුන් සහ දරුවන් මත පතිත වන්නේ වේදනාවේ කටුඔටුන්නක් ලෙසිනි. 

ටොම් ෂර්බෝන්, ඉසබෙල්, හැනා රොන්ෆෙල්ට්, පුංචි ග්‍රේස් ලුසී ඔවුන්ගේ ඉරණම කුමනාකාර වනු ඇත්ද?

තවමත් පොතක් කියවා හඬන්නට හැකි බව මෙහි අවසන් පිටු කිහිපය කියවන අතර තදින්ම දැනිණි. මා සිතා සිටියේ ඒ කඳුළු දැන් අහවරව ඇති බව ය.  නමුත් ‘‘සාගරාන්තර ආලෝකය‘‘ කියවා නිම වන විට මා සිටියේ හැඬු කඳුළිනි. එය එතරම්ම සංවේදී කතාවකි.

                උපුටා ගැනීම සාගරාන්තර ආලෝකය පරිවර්තනය ඇසුරිනි.
    

පිනි වැටුනු හිරිකටු ඔය



මලක හැඩ






විළිකුන් සුරත් ඵල වැනි මේ රිවි මඬල.........


ගන් කොමළි හා කිරිසයුර

මහ මුහුද සැඬ       සොඳට
ගන් කොමළි ගිය       දාට
පිනා ගොස් මහ කිරි සයුර
හඬා වැටුණා ගඟට ආවැඩ



ලැඟුම් ගත් සිප්සෙවණ

                                            ආදා සිටම තුරුලෙහි සෙනෙහස  පෑවා
                                            බාධා නොවී සිප් කිරි මැනවින්      බීවා
                                            වීදා පියා නැණ බල දස දෙස       පෑවා
                                            බෝදා මෑණියනි සරසවි          දිනේවා................

තාක්ෂණික සීතල යුද්ධය 06

තාක්ෂණික සීතල යුද්ධය 06
අපිට නොවැදගත් ලෝකෙට වැදගත් G-20 සමුළුව හා ලොකු අයියාගේ මැදහත්කරණය
මේ වසරට අදාළ G-20 සමුළුවත් ඔන්න අවසන් වුණා. ලෝක ආර්ථික බලවතුන් මෙවර හමු වුණේ ජපානයේ ඔසාකාවල දි. ලෝකයේ ආර්ථික, සමාජයීය, දේශපාලනික අනාගතය කෙරෙහි අතිදැවැන්ත බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ සමුළුවට ලෝකේ පුරාම තියෙන්නේ බරපතල විරෝධතා. ලෝකෙට එහෙම වුණත් ඇත්තට ම අපිට මේක වැදගත් නැද්ද... පේන හැටියට නම් අපේ රට මේ සමුළුව තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ වගේ.
කවුද මේ G-20 කියන්නේ....
‘Group of Twenty‘ එහෙමත් නැත්නම් ‘විස්සේ කල්ලිය‘ කිව්වත් කමක් නෑ. මේ කල්ලිය කුඩා කණ්ඩායම් පහකින් තමයි හැදෙන්නේ. ඔස්ට්‍රේලියාව, කැනඩාව, සෞදි අරාබිය, ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, තුර්කිය, ආජන්ටිනාව, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එංගලන්තය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය තමයි මේ සෙට් එක.
අපිට නැතත් ලෝකෙට මෙයාලා වැදගත් ඇයි...?
යුරෝපා සංගමය හැර මෙතන ස්වාධීන රටවල් දහ නවයක් තියෙනවා. දල ලෝක නිෂ්පාදිතයෙන් 90%ක් අයිති වෙන්නේ මේ විස්සේ කල්ලියට. එහෙම නම් එකසිය අසූවකට ආසන්න අනෙක් රටවල් ඔක්කෝ ම ලෝක නිෂ්පාදනයට දායක වෙන්නේ 10%කින්.
ලෝක වෙළෙදාමෙන් 80%ක් අයත් වෙන්නෙත් මේ විස්සේ කල්ලියට. එහෙමනම් අනෙක් ඔක්කොට ම තමයි ඉතිරි 20%.
ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් ම ඉන්නේ මේ විස්සේ කල්ලියට අයිති රටවල. එහෙම නම් ඉතිං අනෙක් රටවල ශ්‍රම බලකායන් ගැන කතා කරන්න දෙයක් නෑ.
ඒ වගේ ම තමයි ලෝකයේ භූමි ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් භාගයක් ම අයිති වෙන්නේ මේ කල්ලියට.
ඔන්න ඔය හේතු නිසා මෙයාලා ගන්න තීන්දු තීරණ මුළු ලෝකෙට ම බලපානවා. අනික මෙහෙම මුණ ගැහිලා එයාලා එයාලා ගොඩ යන්න තීන්දු තීරණ ගන්නවා මිස අනිත් රටවලට යහපතක් කරන්න සෙට් වෙනවා කියලයැ. ඒකනේ ලෝකේ පුරා ම මේකට විරෝධතා හැදෙන්නේ.
එහෙම බැලුවා ම ලංකාවේ අපිට නැතත් ලෝකෙට නම් මෙයාලා ව අතිශයින් ම වැදගත්.
කවුද මේකට සෙට් වෙන්නේ...?
වෙන කවුරුත් නෙවෙයි ඉතිං. ඒ ඒ රටවල ලොකු ලොක්කෝ ටික තමයි. මේ රටවල්වල රාජ්‍ය නායකයන් ටික, මුදල් ඇමැතිවරු සෙට් එක සහ විදේශ ඇමැතිවරු සෙට් එක. යුරෝපා සංගමය වෙනුවෙන් සංගමේ කමිෂනර් එක්ක යුරෝපා මහ බැංකුවේ ලොක්ක තමයි එන්නේ. එහෙම බැලුවොත් ලෝක පාලනය අතේ තියන් ඉන්න සෙට් එක තමයි මෙතන දී සෙට් වෙන්නේ.
මොකද්ද මෙයාලගේ අරමුණ...?
වෙන මුකුත් නෙවෙයි ග්ලෝබල් ඇජෙන්ඩාවක් මුලට දාගෙන, ඒකට මුවා වෙලා එයාලගේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීම ම තමයි ඉතිං. ඔන්න ඔය නිසා තමයි මුලින් ම මම විස්සේ කල්ලිය කියලා කිව්වෙත්. මොකෝ ඉතිං එහෙම නැතිව එයාලා එහේ සෙට් වෙලා මෙහේ ඉන්න අපේ ආර්ථිකේ නංවන විදිය ගැන සැලසුම් කරන්ඩ යැ... පිස්සුනේ...
එතකොට මේ පාර මොකද වුණේ...
මෙයාලගේ මූලික කතාබහ ලෝක ආර්ථික ස්ථායීතාව දිගේ ඇදිලා ගියාට සමුළුවට සෙට් වෙන්න කලින් ම වෙන්න පුළුවන් දේවල් ගැන සියලු දෙනාට ම අවබෝධයක් නොතිබුණත් නෙවයි. ඒ තමයි ට්‍රම්ප්පච්චියි Xi Jin ping උන්නැහේ අතරයි නිර්මාණය වෙලා තිබුණු විරසකය. හුවාවී තහනමෙන් ඇවිලිලා දෙන්නා දෙපැත්තට ම බදු ගහගෙන ගහගෙන ගියානේ. කවුරුත් නොකිව්වට ඕක තමයි ඉතිං මේ පාර ප්‍රධාන සාකච්ඡාව වුණේ.
අන්තිමට ඔන්න දැන් දෙන්නා ශේප්. ට්‍රම්ප්පච්චීට ටිකක් පස්සට අඩියක් තියන්න වුණා. මොකද පොර විස්සයි විස්සට සෙට් වෙන නිසා. එහේ ගොයියෝ ටිකයි බිස්නස් අයිතිකාරයොයි ට්‍රම්ප්පච්චිගෙන් ගේම ඉල්ලානේ තිබුණෙත්. කොහොමෙන් හරි දැන් ඔන්න ඒ තරහ මරහත් තරමක් දුරට අහවරයි කියමුකෝ. ඒ නිසා ට්‍රම්ප්පච්චී කියනවා ඔන්න ආයි හුවාවී එක්ක ගණුදෙනු කරන්න තහනමක් නෑලු... අර ගහනවයි කිව්ව බදුත් නොගහ ඉන්නම් ලු... Xi Jinping උන්නැහේ එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්න කැමතියි ලු...
ඒ වගේ ම තමයි මේ පාර කාලගුණ දේශගුණ විපර්යාස, සාමුද්‍රීය දූෂණය, පොලිතින් ප්ලාස්ටික් ගැටලුව ගැනත් කතා බහ වෙලා තිබුණා. යුරෝපෙට මේ දවස්වල බලපාලා තියන අධික රස්නේ නිසා දේශගුණ කාලගුණ කතාවට දැන් නම් වැඩි අවධානයක් යොමුවෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඔය කිව්වට මෙච්චර කාලෙකට එහෙම ම වෙලත් නෑ. ඔය ගැන කතා කරද්දී ට්‍රම්ප්පච්චී නම් කියලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්...
I'm not willing to sacrifice.... ඉතිං ඒ නිසා අපිත් ආයි ඒ ගැන ලොකුවට නොහිතා ඉමු නේ.
ඒ වගේ ම තමයි ට්‍රම්ප්පච්චීට ආයිමත් Kim Jong Un කොළුවව මුණ ගැහෙන්නත් අදහසක් පහල වෙලා. සමුළුවේ දී ඒ ගැනත් කතා කරලා. කොරියාවේ අවි මුක්ත කලාපෙටත් යන්න සැලසුම් කරගෙන. ඒ විතරක් නෙවෙයි, ජපානෙත් එක්ක තියෙන ආරක්ෂණ ගිවිසුම ගැන කතා කරන්න අමතක කරලා නෑ. ට්‍රම්ප්පච්චී කියලා තියෙන්නේ ඒ ගිවිසුම ජපානේ පැත්තෙන් හරි ම අසාධාරණ එකක් කියලා. අපි ගැහුවොත් එයාලට බලන් ඉන්නනේ තියෙන්නේ. ඒක හරි අසාධාරණයි. ඒ නිසා ඒක වෙනස් කරන්න කාලේ හරි වගේ අදහසක තමයි ට්‍රම්ප්පච්චී ඉන්නේ.
මේ විස්තර කෙටියෙන් කිව්වේ මේ පාර සමුළුවේ දී අපේ ලොකු අයියා, ඒ කියන්නේ මෝදි උන්නැහේගේ මැදිහත්වීම් ගැනත් කතා නොකරම බැරි නිසා. අනෙක් සමුළුවලට වඩා මේ පාර මේ මැදිහත්වීම නම් බරපතල විදියට කැපිල ම පෙනුනා.
මොකද කියනවා නම් සමුළුව අතරතුර මෝදි උන්නැහේ පූටිං උන්නැහේ වගේ ම Xi Jinping උන්නැහේ එක්කත් වෙනමමත් එකතුවෙලත් කතා බහ කළා. ට්‍රම්ප්පච්චී එක්කත් ජපානේ Shinzo Abe උන්නැහේ එක්කත් වෙනමමත් එකතු වෙලත් කතා කළා.
මේක කැපී පෙනෙන්න හේතු වෙන්නේ මේ ලෝක නායකයන් අතර නිර්මාණය වෙලා තියෙන බරපතල අර්බුද නිසා. හැබැයි මෝදි උන්නැහේ මේ අය එක්ක බොහොම මැදහත් විදියට මේ ගණුදෙනුව කරලා තියෙන බව තමයි කියන්නේ.
ඒ විතරක් නෙවෙයි සමුළුව අතරතුර BRICS හවුලේ ලොක්කෝ එක්කත් බොහොම සාර්ථක කතාබහක් සිද්ධ වෙලා තියනවා. ඒකෙදි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ හවුල අතරේ වෙන ජාත්‍යන්තර වෙළෙද ගණුදෙනු වලට සහ ඩිජිටල් ඉකොනොමියට. ආරක්ෂණවාදයට මුල් තැන දෙන්න ගියොත් මොකද වෙන්නේ කියන එක ගැනත් කතා කරලා හීනියට ට්‍රම්ප්පච්චිට ටොක්කක් අනින්නත් අමතක කරලා නෑ. ජාත්‍යන්තර ත්‍රස්තවාදය, ඒකෙන් වෙන හානි ගැනත් බරපතල විදියට කතා බහ කරලා තියෙනවා.
එතකොට කවුද මේ BRICS හවුල කියන්නේ... බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එකතු වෙලා හදාගත්ත හවුල තමයි BRICS කියන්නේ. මේ රටවල් පහ කියන්නේ අනාගත ලෝක ආර්ථික බලවතුන්.
ඒ වගේ ම තමයි රුසියාවයි, ඉන්දියාවයි චීනෙයි එකතු වෙලා හැදුණු RIC හවුල. ඒකෙදි වැඩි අවධානයක් දීලා තියෙන්නේ ජාත්‍යන්තර තත්ත්වයන් ඇතුලේ කොහොමද මේ හවුලේ පැවැත්ම තහවුරු කර ගන්නේ කියන කාරණාවට. මෙතනදීත් මෝදි උන්නැහේගේ මැදිහත් වීම කැපී පෙනෙනවා.
ඊළගට වැදගත් වෙන්නේ JAI එකතුව. ඒ කියන්නේ ජපානය, ඇමෙරිකාව හා ඉන්දියාව එකතු වුණු හවුල. මේකේදි කතා කරලා තියෙන්නේ ඉන්දු පැසිෆික් කලාපය ඇතුලේ කොහොමද මේ තුන්දෙනා එකට එකතු වෙලා උදව් පදව් කරගෙන හෙම ගේම ගොඩ දා ගන්නේ කියන එක.
මේ ඔක්කොම කරන අතරේ මෝදි උන්නැහේ ඉන්දුනීසියාව එක්කත් බරපතල කතාබහක නිරත වෙනවා. ඒ ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo උන්නැහෙත් එක්ක. ඒ වෙන මුකුත් නෙවෙයි 2025 ගේම් එක ගැන. මේ අවුරුදු හය ඇතුළත මේ දෙන්නාගේ බලාපොරොත්තුව දෙරට අතර වෙළෙද ගණුදෙනුව ඩොලර් බිලියන 50ක් පන්නන්න. මොකද 2016 දී මේ දෙගොල්ල ඩොලර් බිලියන 12.9ක ගණුදෙනුවක් කරලා තිබුණා. 2017 දී මේක ඩොලර් බිලියන 18.3ක් වෙනකල් වර් ධනය වුණා. ඒ කියන්නේ ඉස්සරහට මේ අරමුණට යන්න ලොකු අමාරුවක් නෑ කියන එක.
එතනින් නොනැවතුනු මෝදි උන්නැහේ සෞදි අරාබිය, දකුණු කොරියාව වගේ ම ජර්මනියේ ලොක්කෝ ලොක්කියෝ එක්කත් වෙන වෙන ම කතා දාලා තියෙනවා.
මේ හැම දෙයක් ම අපිට වැදගත් වෙන්නේ අපි ඔක්කොම එක ම කලාපයක ඉන්න නිසා. මොකද මෝදි උන්නැහේගේ තීන්දු තීරණ වක්‍ර ව විතරක් නෙවෙයි ඍජුව ම අපිටත් බලපාන්න පුළුවන් නිසා....

උපුටා ගැනීමකි.....

හුස්ම තරම් හැමදාම ළඟ උන්න.

පුද නොකළ ප්‍රේමයට 
ගෙතූ කවි පද කුමට
උන්මාද නෙතු දකින 
සිහිනයකි ,බොඳව ගිය
කුරිරු කුල මතට 
පෙම්බැන්ඳ
ලීස්තර වැට කොයිද අද
ඒ උඩින් ඉගිළ ගිය
.. දම්මි ...
නුඹ ....  
නූපන් පරපුරක සුව පතන 
නිහඬ බව අමෝරා ගෙන 
ටොන් ගණන් බර.....
තද හුස්ම වැටුනා හරි හරියට
ඇහි පිළ්ලමක් යට සැඟවුණ 
හැඟුම් තිබුණා ඉස්සරම
හ්ම්ම් ' කියල මඟහැරපු
හැම දේම දරා ගෙන 
සිනාසෙන හැටි කියා දුන්න
කඳුළ නුඹ නම් හරි අපූරුයී 

හුස්ම තරම් හැමදාම ළඟ උන්න..

වියකුන් නරයින් බිඟුන්

මහරු හුස්මක රැඳුණු
විදුරු ඉරි බිතක වග
මුව රඳ සොයන බිඟුණි දුටුවාද?
හසකැන් නැඟුණු
සුපහසන් පොකුරු මී ගන්න
වියකුන් නරයින් බිඟුන්  මෙන් රඟන සැටි
මණ්ඩපයේ හෙළ කුල සිරිත ළඟ
මහා කළු යෝධයින් බලය පෙන්වා රඟ දෙන
මනුසත්කම පාගා දමන ඒ රන්ගනය
පපු කැවුත කීරි ගා නැගෙයි  බුර බුරා
අහෝ !!! ..... ලින්ගිකත්වය නුඹ කළ වින්නැහිය.......

ආදරණීය මතකය

.හුරුපුරුදු හැමදේම දමා ගොස් මාව
සුළඟ
වැස්ස
අව්ව
පමණක් ඉතිරු කර....
ඒත් තාම තියෙනවා මා ළඟ නුඹ දුන්න
ආදරණීය මතකය
නිලට නිලේ දළු  සැලෙන විට රිද්මයට
පූදින්න අර අඳින රතට රත් පැහැය වුන 
විළිකුන් ඵළ බිමට වැටෙන්නට නොදී රැකගන්න 
වෙරදරපු කාලය
තාම මතකයි මට,
පිපාසෙට පැන් නැතිව නුඹෙ හුස්ම දඟලපු හැටි
ඒ හුස්ම රැක ගන්න මන් ගියපු දුර 
නුඹට මතකද,
මාහා සැඬ සුළඟ නුඹ  අමෝරාගෙන යන්න 
 අනඟ රැඟුමක්  දෙද්දි
 මම  නුඹව රැක ගත්තෙ එක සීරීමක්වත් ඉතිරි නොකර
මට බොහොම මහන්සි නුඹ රැක ගන්න දඟලලා...
දුකක් නෑ මට 
තාමත් මම හිනැහෙනවා එ මතක එක්ක...
ඉස්සර අපි හිටපු තැනම තාම මන් ඉන්නවා..
නොමැරී, මේ අහස හරිම ලස්සනයි ..සියොත් ගීත හරි හැඩයි,,,,දඟකාර සුළඟ හිත නිවන භාවනාවක් වගේ...මේ තරම් අපූරුවක් තවත් කොයින්ද?........

වැහිකෝඩය

වැහිකෝඩය

ගම් පියසෙ දවසක..
පොද වැස්ස වැටුනු හවසක
හිත් පොජ්ජ දිව ගිය හනිකට
හිනැහිච්ච සේපාලිකා දැක ගන්ට

සුවද හමනා නේක මල් කිනිති අතු පතර
තනි වෙච්ච කුමුදුනී හිනැහුනා අඩ අඩම
රැවටිච්ච පොකුරු මල් බිමට වී උන්නු දැක
කවිකාර හිත නුඹට පෙම් බැන්දෙ නොදැනීම
සැඩ වෙච්ච හිරු රශ්මි නෙළුම් පත පුච්ච්ද්දි
දැන දැනම පීදුනේ සුමට බව පවසද්දි
දඟකාර සුළඟ විත් තුරුළු වී සැනසෙද්දි
 සුසුවද......සුවඳ මම විදගත්තේ සීරුවට.......
 




සද මොකට මට




පරිස්සමක් නැති හිතක
මතක විතරක්ම ඉතුරු වෙලා
කදුලක් කොයිද
සිනහවක් නතර වෙලා
හීන නම් නෑ
තරුවකට වාරු වෙලා
සද මොකට මට
පුංචි තරුවට තුරුල් දුන

 වහල් වෙලා
මාත් පෙම්බැන්දා
පුංචී මලකට මුකුලු වෙලා
හිමින් ඉකිබින්ද මල
මියැදුනා  මුකුලිතව......
සන්සාර පුරුද්දට නුඹම අවැසුනු නිසා...

හඩාවැටුම.............

හඩාවැටුම.............

පිබිද විත් මුතු පබලු බර වුණා.............තණ අගට
හිරු කුමරු දිව ඇවිත් සිප ගත්තා මුතු අහුරු
සියුමැලිව තණ පතේ සුව විදින් පිනි බින්දු
හඩා වැටුනා බයට බරවැඩී තණ මතට
තවත් එක් අභිරහස් මිනිමැරුමක්  සමග 
නිහඩ වුණි පිනි කදුළු තණ මතින් නිදහස්ව..........

Tuesday, July 23, 2019


නිමක් නැති කතාවක්.....


                           නිමක් නැති කතාවක්
දින සති මාස තප්පරෙන් තප්පරේ ගෙවුනා.අදුරු වළා අතරින් සිනිදු සුදුමුදු රිදී රේඛා වසත් සමයත් අරන් ටිකෙන් ටික ගලා අවේ සෙනහසක්,ආදරයත් හිතපුරා වත්කම් කරමින්.ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැදේ..සොයමි සෑම වේලේ සිතු දේ පැතු දේ……ජෝතිපාල මහතාගේ හඩ රැගත් සුමිහිරි ගීතාවලිය මිමිනෙමින් ගලා අවේ සමගමයි.සීසී කඩ වැටුනු රිදීරේඛා සීරුමාරුවට පාදවලින් නොපෑගී බේරෙන්නට සෑහෙන්න උත්සාහයක යෙදුනා.කවුරු කවුරුත් තම දෙපා අව් රශ්මියෙන් බේරාගන්නට අඩි තැනින් තැන තබමින් පියමැන්නා.හැමෝම හෙව්වෙ සෙවනක්.පොඩ්ඩ පොඩ්ඩ ඉඩ අරන් ඉතින් හැමෝම එක්වුනේ අලිපේර ගහ යටය.අපටම සරදම් කරමින් අලිපේර කොළ අතරිනුත් ඉර එබිකම් කරමින් අපිව හොයන බව අපට තේරුනා.ඒත් රස්නෙ නම් අඩුවක්  නෑ.අපිට පඩි 10ක් විතර එහායින් තිබුනේ මහපාර.පාර දෙපැත්තෙම වාහන.වෛවර්ණ පාට වාහන අව්ව වැළද ගත්තේ පණ එපා කියමින්.මහ පාරට අවමයි පේන්නේ අපි දිහා බලන් ඉන්න උස මහත රූස්ස යායවල්.හරිබැරි ගැහෙමින්  යාන්තමට ඇග බේරාගන්න එන දිය සලිත ගල් මතින් බිමට වැක්කෙරුනේ හරි අපූරුවට.එයා ටිකක් ගැස්සිලා ..එයාට නුහුරුයි මේ දේවල්.මොනවා වුනත් තිබ්බ ගැම්ම ටිකක් බැහැලා දැන් දැන්….
නිහඩ කල්පනා ලොවක අතරමං වෙලා ඉන්න එයා දිහා මන් ගොඩක් වෙල බලන් හිටියා.තාම නෑ කතා කරන පාටක්….හෝ හෝ ගාලා කට්ටිය ලහි ලහියෙ පෝලිම් ගැහිල.පිචර් එකක් බලනව වගේ.කට්ටිය වටේට ඉඩ හදන් ඇස් ගෙඩි ලොකු කරන් ..............බලනවාඅම්මපා මොනවා බලනවද මන්දාපිචර් එකේ එකම සීනරිය තමා යන්නේගන්නවා,ලියනවායවනවා………පෙන්නනවාකටුස් කුටුස් ගාලා යනවාදත් විරිත්තනවා,හීනියට දිගට එක එක විදිහට,සමහරක් ඇස් බෝල ගෙඩි කර ,,කදුලු පනින්න ඔන්න මෙන්න,අතර මැද නරි වෙස් ගත්ත බමුණන් ඉන්න බවත් පෙනුනා..එයා තවම හැමතැනම විපරමින්.සොයනවා හුරුපුරුදු රුවක්තවම කතාවක් නෑ..
කීවා වාගේම ආයෙත් තප්පරෙන් තප්පරේ ගෙවිලා පුරා හෝරාවක පිචෙර් එකේ අවසානාය නැගලා ගිහින් වගේ කට්ටියම තත්බීරිවෙලා ..නැට්ටිච්චියෝ විතරයි දැන් .විභාග කරපු බලපු අයත් නෑ දැන්.ඉන්න වුනුත් දැන් තනියම නටනවාපාට හොයනවා.නුපුරුදු අය අතරේ සුපුරුදු අය හොයනවා.විපරම් කරන්නෙ ගස්ස ගස්ස..නමුත් එයා තාම නෑ මාත් කියා කාත් එක්ක වත් fit  එකක්.වැටිච්ච ඉස්තරම් දෙයක් හොයනවා මන් හිතන්නේ
දැන් දැන් කට්ටිය set වෙලා ඕන්.Absant ,present  වෙනවා.. අස්සේ රෙජිස්ටාර් කෙනෙකුත් ඉන්නවා. තමයි හදුනාගැනීමේ  පෙරට්ටුව Run කරන්නේ  .. අස්සේ නිංජා ත් ඉන්නවාපුංචි කාලේ ඔලුවෙඉදන් වහ ගත්ත අය පෙන්නලා බය කරනවා මට මතකයි…..අපි නිංජලා එක්ක ගොඩාක් fit උනා.ආපු අයත් නෑ තවම.මෙන්න යකෝ straight  කරපු එකෙක්,curl කරපු එවුනුත් ඉන්නවා,තට්ටෙ ගාපු වුනුත් ……. ඩෝ මෙන්න මූ තනි seen එකේ වරෙන් වරෙන් මෙහෙට,කැලේ තියෙන්නෙ ඔක්කොම ගස් වුනාට ඒවගේ තියෙන්නෙ එක එක ජාතියේ ගෙඩි,කොළ,පොතු…….ඉතින් ඕන් ඒවගේ තමා මේක ඇතුලෙත්..අන්න එකෙක් ” hello … aiyee….මං ආවා…”මෙතන  එකෙක් #@##”කට්ටිය රන් …..බය හිතෙනවා මට,..”අම්මා ගොඩක් අය හම්බුනා අම්මේ අර අනුරධපුරේ එක්කෙනත් ආවා.තාත්තා ආවද..හරි බුදුසරණයි අම්මේ”.තව කෙනෙක්‍ කෙටි පණිවිඩයක් ඇවිත්..rathrn කියල තමයි save වෙලා තිබ්බෙ..” මස්සිනා මෙතන හරියන් නෑ බන්.මට බෑ..ගොඩක් අය පුංචි කොටු කෑල්ලක.මං තාම මොකුත් කීවේ නෑ.ඕකුන් මොකුන්ද දන් නෑනේ.එහෙනම්  bye මං පස්සෙ ගන්නම්.”..ඔහොම මුමුනන ඒවාත් කනට වැටුනා..
          අම්මෝ නිවනක් නෑ දැන්.කිසිම Fit එකකුත් නෑමූසලකම රජ වෙලා තිබ්බේ.එකා දෙන්නා ගොඩක් fit උනා.හැමෝටම නිකන් දෙන්න තියෙන්නේ එකම එක දෙයයි කියල අම්මා කියල දුන්න වචන මතකයට නැගෙද්දි හැමෝටම හිනා වෙලා කතා කරල ජීවත් වෙන්න පුරුදු  උනේ ඉබේටම.ඉතින් ගොඩක් හොද නරක අය ජීවිතේට එකතු උනාගියපු අයත් හිටියා.යන අයට යන්න් දීලා ඉන්න අය එක්ක සබැදීමක් ගොඩ නැගුනේ ඉබේටම. ගොඩක් පසුතැවීම් මෙන්ම රස කතා අතර අතරමං වෙලා ඉද්දි.අහම්බෙන් නෙමේ බලෙන්ම මනෝපාරක හිටිය මං ගොඩක් දුර ගියා….හරිම ෂෝයී….නිදහසේ ඉන්න  නිදහසේ අහන්න ……..සින්දුව කතා කරන පෙට්ටියෙන් එළියට අවා.දැන් මගේ  රෙජිස්ටෙර් වෙලා.දැන්නම් ටිකක් අඩු වෙලා අර ගතියඒත් ලොකූ හිස්තැනක් නොතිබ්බාම නොවේ.දැන් දැන් කට්ටිය මේසෙට තඩිබානව..සින්දු කියනවාටකරං  කෑලි set කරනවා.අත් තාලෙට එකින් එක වදිද්දි සමහරු තාලෙට පාද තබන්නට පටන් ගත්තෙ හිනාවෙන් මුව පුරවන්..ඔහොම මාස ගානක් ගියා.සින්නො කියල සහෝදරත් අපිත් එක්ක පෙළ ගැහුනා.
දැන් කට්ටිය සීසීකඩ.එකා දෙන්නා තමා game එක play කරන්නේ.බෝට්ටුත් ආවා.දැන් හොල්මන් වුන තැන්  ගොඩාක් හුරුපුරුදුයි
කට්ටිය set පිටින් දැන් රව්ම් ගහන්නේ.mid,assignment,CA වලින් පිරිලා තිබ්බ හිර වුන තැන් ලිහා ගත්තේ ඔය අතර..මේ අතරේ තමයි කට්ටිය game ගහන්නෙ..කාටත් හොරෙන්.දැන් අර ඉස්සර ලස්සනට රූප අලවලා තිබ්බ පොත් නෑ.කඩයිම් වලට බය වුන කාලේ නෑ දැන්.ඒවත් දැන් සාමාන්‍ය වෙලා.ඔහේ ගෙවෙනවා.chater වෙනව.කොච්චර සැර දේවල් වුනත් කිසිම ගානක් නෑ.ඒත් රිදෙන අයට රිදෙනවා නට්තෙටම.
ඔහොම ගිහින් drama එකේ final round එක ආවා.ගීත වලට දුක කියපු හැගීම් අවුස්සපු boot කාපු,සිංදු හදපු,අමතක නොවන එකක් හරි හැමෝම ළග පැළ පදියම් වුනා.හිනා වුන අඩපු තැන් රිදුනු තැන් විදිහටම තියෙද්දී අලුත් අලුත් දේවලුත් එකතු වුන පව්ල් ජීවිතයක් අපට තිබ්බ.drama එකේ උඩරට,පහතරට ,ඌව වෙල්ලස්ස සුවද හොදටම හැමුවා.කොහේ කොතන කවුරු හිටියත් අවසානෙට එකම දායාදය වුනේ මනුස්සකම.සෙනහස ලෙංගතුකම කැටි වුන සුමිහිරි අපූරු තොටුපොළ කවදාවත්ම නොමැකෙන මතක පිරිනු මාවතක්ම වේවි.හෙටත්.....
අව්‍යාජත්වය වපුරමින්
                                                                                     …..   නිමි   

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...