Tuesday, July 23, 2019

නිමක් නැති කතාවක්.....


                           නිමක් නැති කතාවක්
දින සති මාස තප්පරෙන් තප්පරේ ගෙවුනා.අදුරු වළා අතරින් සිනිදු සුදුමුදු රිදී රේඛා වසත් සමයත් අරන් ටිකෙන් ටික ගලා අවේ සෙනහසක්,ආදරයත් හිතපුරා වත්කම් කරමින්.ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැදේ..සොයමි සෑම වේලේ සිතු දේ පැතු දේ……ජෝතිපාල මහතාගේ හඩ රැගත් සුමිහිරි ගීතාවලිය මිමිනෙමින් ගලා අවේ සමගමයි.සීසී කඩ වැටුනු රිදීරේඛා සීරුමාරුවට පාදවලින් නොපෑගී බේරෙන්නට සෑහෙන්න උත්සාහයක යෙදුනා.කවුරු කවුරුත් තම දෙපා අව් රශ්මියෙන් බේරාගන්නට අඩි තැනින් තැන තබමින් පියමැන්නා.හැමෝම හෙව්වෙ සෙවනක්.පොඩ්ඩ පොඩ්ඩ ඉඩ අරන් ඉතින් හැමෝම එක්වුනේ අලිපේර ගහ යටය.අපටම සරදම් කරමින් අලිපේර කොළ අතරිනුත් ඉර එබිකම් කරමින් අපිව හොයන බව අපට තේරුනා.ඒත් රස්නෙ නම් අඩුවක්  නෑ.අපිට පඩි 10ක් විතර එහායින් තිබුනේ මහපාර.පාර දෙපැත්තෙම වාහන.වෛවර්ණ පාට වාහන අව්ව වැළද ගත්තේ පණ එපා කියමින්.මහ පාරට අවමයි පේන්නේ අපි දිහා බලන් ඉන්න උස මහත රූස්ස යායවල්.හරිබැරි ගැහෙමින්  යාන්තමට ඇග බේරාගන්න එන දිය සලිත ගල් මතින් බිමට වැක්කෙරුනේ හරි අපූරුවට.එයා ටිකක් ගැස්සිලා ..එයාට නුහුරුයි මේ දේවල්.මොනවා වුනත් තිබ්බ ගැම්ම ටිකක් බැහැලා දැන් දැන්….
නිහඩ කල්පනා ලොවක අතරමං වෙලා ඉන්න එයා දිහා මන් ගොඩක් වෙල බලන් හිටියා.තාම නෑ කතා කරන පාටක්….හෝ හෝ ගාලා කට්ටිය ලහි ලහියෙ පෝලිම් ගැහිල.පිචර් එකක් බලනව වගේ.කට්ටිය වටේට ඉඩ හදන් ඇස් ගෙඩි ලොකු කරන් ..............බලනවාඅම්මපා මොනවා බලනවද මන්දාපිචර් එකේ එකම සීනරිය තමා යන්නේගන්නවා,ලියනවායවනවා………පෙන්නනවාකටුස් කුටුස් ගාලා යනවාදත් විරිත්තනවා,හීනියට දිගට එක එක විදිහට,සමහරක් ඇස් බෝල ගෙඩි කර ,,කදුලු පනින්න ඔන්න මෙන්න,අතර මැද නරි වෙස් ගත්ත බමුණන් ඉන්න බවත් පෙනුනා..එයා තවම හැමතැනම විපරමින්.සොයනවා හුරුපුරුදු රුවක්තවම කතාවක් නෑ..
කීවා වාගේම ආයෙත් තප්පරෙන් තප්පරේ ගෙවිලා පුරා හෝරාවක පිචෙර් එකේ අවසානාය නැගලා ගිහින් වගේ කට්ටියම තත්බීරිවෙලා ..නැට්ටිච්චියෝ විතරයි දැන් .විභාග කරපු බලපු අයත් නෑ දැන්.ඉන්න වුනුත් දැන් තනියම නටනවාපාට හොයනවා.නුපුරුදු අය අතරේ සුපුරුදු අය හොයනවා.විපරම් කරන්නෙ ගස්ස ගස්ස..නමුත් එයා තාම නෑ මාත් කියා කාත් එක්ක වත් fit  එකක්.වැටිච්ච ඉස්තරම් දෙයක් හොයනවා මන් හිතන්නේ
දැන් දැන් කට්ටිය set වෙලා ඕන්.Absant ,present  වෙනවා.. අස්සේ රෙජිස්ටාර් කෙනෙකුත් ඉන්නවා. තමයි හදුනාගැනීමේ  පෙරට්ටුව Run කරන්නේ  .. අස්සේ නිංජා ත් ඉන්නවාපුංචි කාලේ ඔලුවෙඉදන් වහ ගත්ත අය පෙන්නලා බය කරනවා මට මතකයි…..අපි නිංජලා එක්ක ගොඩාක් fit උනා.ආපු අයත් නෑ තවම.මෙන්න යකෝ straight  කරපු එකෙක්,curl කරපු එවුනුත් ඉන්නවා,තට්ටෙ ගාපු වුනුත් ……. ඩෝ මෙන්න මූ තනි seen එකේ වරෙන් වරෙන් මෙහෙට,කැලේ තියෙන්නෙ ඔක්කොම ගස් වුනාට ඒවගේ තියෙන්නෙ එක එක ජාතියේ ගෙඩි,කොළ,පොතු…….ඉතින් ඕන් ඒවගේ තමා මේක ඇතුලෙත්..අන්න එකෙක් ” hello … aiyee….මං ආවා…”මෙතන  එකෙක් #@##”කට්ටිය රන් …..බය හිතෙනවා මට,..”අම්මා ගොඩක් අය හම්බුනා අම්මේ අර අනුරධපුරේ එක්කෙනත් ආවා.තාත්තා ආවද..හරි බුදුසරණයි අම්මේ”.තව කෙනෙක්‍ කෙටි පණිවිඩයක් ඇවිත්..rathrn කියල තමයි save වෙලා තිබ්බෙ..” මස්සිනා මෙතන හරියන් නෑ බන්.මට බෑ..ගොඩක් අය පුංචි කොටු කෑල්ලක.මං තාම මොකුත් කීවේ නෑ.ඕකුන් මොකුන්ද දන් නෑනේ.එහෙනම්  bye මං පස්සෙ ගන්නම්.”..ඔහොම මුමුනන ඒවාත් කනට වැටුනා..
          අම්මෝ නිවනක් නෑ දැන්.කිසිම Fit එකකුත් නෑමූසලකම රජ වෙලා තිබ්බේ.එකා දෙන්නා ගොඩක් fit උනා.හැමෝටම නිකන් දෙන්න තියෙන්නේ එකම එක දෙයයි කියල අම්මා කියල දුන්න වචන මතකයට නැගෙද්දි හැමෝටම හිනා වෙලා කතා කරල ජීවත් වෙන්න පුරුදු  උනේ ඉබේටම.ඉතින් ගොඩක් හොද නරක අය ජීවිතේට එකතු උනාගියපු අයත් හිටියා.යන අයට යන්න් දීලා ඉන්න අය එක්ක සබැදීමක් ගොඩ නැගුනේ ඉබේටම. ගොඩක් පසුතැවීම් මෙන්ම රස කතා අතර අතරමං වෙලා ඉද්දි.අහම්බෙන් නෙමේ බලෙන්ම මනෝපාරක හිටිය මං ගොඩක් දුර ගියා….හරිම ෂෝයී….නිදහසේ ඉන්න  නිදහසේ අහන්න ……..සින්දුව කතා කරන පෙට්ටියෙන් එළියට අවා.දැන් මගේ  රෙජිස්ටෙර් වෙලා.දැන්නම් ටිකක් අඩු වෙලා අර ගතියඒත් ලොකූ හිස්තැනක් නොතිබ්බාම නොවේ.දැන් දැන් කට්ටිය මේසෙට තඩිබානව..සින්දු කියනවාටකරං  කෑලි set කරනවා.අත් තාලෙට එකින් එක වදිද්දි සමහරු තාලෙට පාද තබන්නට පටන් ගත්තෙ හිනාවෙන් මුව පුරවන්..ඔහොම මාස ගානක් ගියා.සින්නො කියල සහෝදරත් අපිත් එක්ක පෙළ ගැහුනා.
දැන් කට්ටිය සීසීකඩ.එකා දෙන්නා තමා game එක play කරන්නේ.බෝට්ටුත් ආවා.දැන් හොල්මන් වුන තැන්  ගොඩාක් හුරුපුරුදුයි
කට්ටිය set පිටින් දැන් රව්ම් ගහන්නේ.mid,assignment,CA වලින් පිරිලා තිබ්බ හිර වුන තැන් ලිහා ගත්තේ ඔය අතර..මේ අතරේ තමයි කට්ටිය game ගහන්නෙ..කාටත් හොරෙන්.දැන් අර ඉස්සර ලස්සනට රූප අලවලා තිබ්බ පොත් නෑ.කඩයිම් වලට බය වුන කාලේ නෑ දැන්.ඒවත් දැන් සාමාන්‍ය වෙලා.ඔහේ ගෙවෙනවා.chater වෙනව.කොච්චර සැර දේවල් වුනත් කිසිම ගානක් නෑ.ඒත් රිදෙන අයට රිදෙනවා නට්තෙටම.
ඔහොම ගිහින් drama එකේ final round එක ආවා.ගීත වලට දුක කියපු හැගීම් අවුස්සපු boot කාපු,සිංදු හදපු,අමතක නොවන එකක් හරි හැමෝම ළග පැළ පදියම් වුනා.හිනා වුන අඩපු තැන් රිදුනු තැන් විදිහටම තියෙද්දී අලුත් අලුත් දේවලුත් එකතු වුන පව්ල් ජීවිතයක් අපට තිබ්බ.drama එකේ උඩරට,පහතරට ,ඌව වෙල්ලස්ස සුවද හොදටම හැමුවා.කොහේ කොතන කවුරු හිටියත් අවසානෙට එකම දායාදය වුනේ මනුස්සකම.සෙනහස ලෙංගතුකම කැටි වුන සුමිහිරි අපූරු තොටුපොළ කවදාවත්ම නොමැකෙන මතක පිරිනු මාවතක්ම වේවි.හෙටත්.....
අව්‍යාජත්වය වපුරමින්
                                                                                     …..   නිමි   

No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...