.හුරුපුරුදු හැමදේම දමා ගොස් මාව
සුළඟ
වැස්ස
අව්ව
පමණක් ඉතිරු කර....
ඒත් තාම තියෙනවා මා ළඟ නුඹ දුන්න
ආදරණීය මතකය
නිලට නිලේ දළු සැලෙන විට රිද්මයට
පූදින්න අර අඳින රතට රත් පැහැය වුන
විළිකුන් ඵළ බිමට වැටෙන්නට නොදී රැකගන්න
වෙරදරපු කාලය
තාම මතකයි මට,
පිපාසෙට පැන් නැතිව නුඹෙ හුස්ම දඟලපු හැටි
ඒ හුස්ම රැක ගන්න මන් ගියපු දුර
නුඹට මතකද,
මාහා සැඬ සුළඟ නුඹ අමෝරාගෙන යන්න
අනඟ රැඟුමක් දෙද්දි
මම නුඹව රැක ගත්තෙ එක සීරීමක්වත් ඉතිරි නොකර
මට බොහොම මහන්සි නුඹ රැක ගන්න දඟලලා...
දුකක් නෑ මට
තාමත් මම හිනැහෙනවා එ මතක එක්ක...
ඉස්සර අපි හිටපු තැනම තාම මන් ඉන්නවා..
නොමැරී, මේ අහස හරිම ලස්සනයි ..සියොත් ගීත හරි හැඩයි,,,,දඟකාර සුළඟ හිත නිවන භාවනාවක් වගේ...මේ තරම් අපූරුවක් තවත් කොයින්ද?........

No comments:
Post a Comment