Sunday, July 28, 2019

වැහිකෝඩය

වැහිකෝඩය

ගම් පියසෙ දවසක..
පොද වැස්ස වැටුනු හවසක
හිත් පොජ්ජ දිව ගිය හනිකට
හිනැහිච්ච සේපාලිකා දැක ගන්ට

සුවද හමනා නේක මල් කිනිති අතු පතර
තනි වෙච්ච කුමුදුනී හිනැහුනා අඩ අඩම
රැවටිච්ච පොකුරු මල් බිමට වී උන්නු දැක
කවිකාර හිත නුඹට පෙම් බැන්දෙ නොදැනීම
සැඩ වෙච්ච හිරු රශ්මි නෙළුම් පත පුච්ච්ද්දි
දැන දැනම පීදුනේ සුමට බව පවසද්දි
දඟකාර සුළඟ විත් තුරුළු වී සැනසෙද්දි
 සුසුවද......සුවඳ මම විදගත්තේ සීරුවට.......
 




No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...