Sunday, July 28, 2019

The light between oceans


පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද පිටියෙන් නික්ම ආවුන් රණවිරුවන් සේ ඇගයුම් ලැබූ සමය ද කෙමෙන් කෙමෙන් නික්ම යමින් තිබිණි. වීර පදක්කම්, සම්මාන, තරුපටිවල දීප්තිය ගිලිහි යමින් තිබිය දී, ගෞරවාන්විතව හමුදා සේවයෙන් නිදහස් වූ ටොම් ෂර්බෝන් තරුණ රණවිරුවා, ඕස්ට්‍රේලියානුවා උපන් ගම් පියසෙන් බොහෝ දුර බැහැරක ප්‍රදීපාගාර භාරකරුවකු ලෙස රැකියාවක් සඳහා ස්වයං පිටුවහලකට නික්ම ආයේය.

එකී ගමනේ දී ඔහු හමුවන ඉසබෙල්, යෞවනයේ උදාරතර දීප්තියෙන් නැහැවී ගිය යුවතියකි. මිනිස් වාසයෙන් තොර, ගොඩබිමෙන් සැතපුම් ගණනාවක් එපිටින් ඇති හුදකලා දූපතක ප්‍රදීපාගාර භාරකරුවකුගේ පෙම්වතිය සහ ඉනික්බිති ආදර බිරිඳ වන්නට ඈ ගන්නා තීරණය ඇගේ ජීවිතය කුමන අරගලකාරී, අභියෝගාත්මක ඉසව්වකට රැගෙන යාවි ද?

The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක්

ප්‍රේමය මෙන්ම යුද්ධය ද සදාකාලික නොවේ. ප්‍රේමයෙන් සාමය උදා වීම නිසැක කරුණකි. නමුත් යුද්ධයෙන් සාමය උදා කරගත හැකි ද? පශ්චාත් යුද සමයන්හි අළු යට සැඟවුණු ගිනි පුපුරු හඳුනා ඒවා නිවා දමන්නට අවංක උත්සාහයක් නොදරන්නේ නම්, යුද්ධය නිමාවුවද යම් සමාජයක සැබෑ සාමයක් උදා කරලීම සිහිනයක් පමණි.

හැනා දිනූ ප්‍රේමය ෆ්‍රාන්ස් යොහැනස් රොන්ෆෙල්ට් ජර්මානුවකු වීම ඔහුගේ වරදක් ද? ඇයගේ වරදක්ද? ප්‍රේමයේ වරදක් ද? සාම්ප්‍රදායික සමාජ බැඳීම් පසෙකලා, සියලු විරෝධතා පසෙක ලා දෙදෙන එක්තැන් වන්නේ ලෝක යුද්දයක් ඇවිළවූ ජාතිවාදයට වඩා ප්‍රේමය බලවත් වූ බැවිනි. එකී ප්‍රේමයේ ඵලය පුංචි ග්‍රේස් ය.

නමුත් යුද අනුස්මරණය උත්සවාකාරීව පැවැත්වෙන එක් දිනයක අළු යට සැඟව පැවති ජාතිවාදයේ ගිනි පුපුරු නැවත ඇවිලී, ලැව් ගින්නක්ව නැගී එන්නේ තැබෑරුමක් තුළිනි. මත් වූ හිත්වලට තව තවත් මත්වන්නට, මත් වී විකල්වන්නට ජාත්‍යාලය ද හොඳ මධු ඔඩමකි. සැකය, අවිශ්වාසය ඇති තැන බැඳීම් සුණු විසුණුව යන්නේ අසුරු සැණෙනි. ඉතින් ඇවිළෙන්නට වැඩිමනත් යමක් උවමනා නොවේ. ඒ ඇවිළෙන ජාතිවාදී ගින්න රොන්ෆෙල්ට් වෙතට මරු විකාරෙන් ළඟා වන මොහොතේ ඔහු හබල් ඔරුවකට නැගී සාගර ගැඹුරට ඇදී යන්නේ සිය සිඟිති බිළිඳිය ග්‍රේස් ද සමඟිනි.

පශ්චාත් යුද සමය මනුෂ්‍යත්වය නගා සිටුවනු පිණිස, එකිනෙකා අතර විශ්වාසය තහවුරු කරනු පිණිස, අතීත තුවාල සුවපත් කර නිවීම සැනසීම උදා කරනු පිණිස කටයුතු කොට තිබුණේ නම් ?



ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරුගේ බිරිඳව එහි යන ඉසබෙල් තෙවන වරටත් දරුවකු පිළිබඳ අපේක්ෂා ගිළිහී ගිය දැදුරු හදින් පීඩිතව සිටින මොහොතකය ඒ බිළිඳු හඬ ඈ සිසාරා රැව් දෙන්නේ. සැතපුම් ගණනාවක් දුරට කාත් කවුරුත් නැති මහා සාගරයක තනි වූ කුඩා දූපතකට කොහෙන්ද ඒ බිළිඳු හඬ?

විමසිලිමත් වන ටොම් ෂර්බෝන් දකින්නේ මිය ගිය මිනිසකු සහ සිඟිත්තියක සමඟ වෙරළට ගොඩ ගසා ඇති හබල් ඔරුවකි.

නීති, නියෝග, අණ පණත් සියල්ල බැහැර කරන ඉසබෙල් ඒ කුඩා දියණියට මව්වීමට තමන්ටම ප්‍රතිඥා දෙයි. මේ අතර ජානුස් ගලෙන් දුර බැහැර පාටේජස් තුඩුවේ බිළිඳියගේ සැබෑ මව හැනා රොන්ෆෙල්ට් තම ස්වාමියා ද, දියණිය ද අහිමි වූ ශෝකයෙන් උමතුවන්නට ආසන්නව කඩා වැටී සිටියාය. ඇත්තෙන්ම අරගල, යුද්ධ, කලකෝලහාල මැද වඩාත් අසරණ වන්නේ ද, පීඩාවට පත්වන්නේ ද, දුක් වේදනා උහුළන්නේ ද ගැහැනුන් සහ දරුවන් ය. යුද්දය පිරිමින්ට අභිමානයේ උරගලක් වන විට එය ගැහැනුන් සහ දරුවන් මත පතිත වන්නේ වේදනාවේ කටුඔටුන්නක් ලෙසිනි. 

ටොම් ෂර්බෝන්, ඉසබෙල්, හැනා රොන්ෆෙල්ට්, පුංචි ග්‍රේස් ලුසී ඔවුන්ගේ ඉරණම කුමනාකාර වනු ඇත්ද?

තවමත් පොතක් කියවා හඬන්නට හැකි බව මෙහි අවසන් පිටු කිහිපය කියවන අතර තදින්ම දැනිණි. මා සිතා සිටියේ ඒ කඳුළු දැන් අහවරව ඇති බව ය.  නමුත් ‘‘සාගරාන්තර ආලෝකය‘‘ කියවා නිම වන විට මා සිටියේ හැඬු කඳුළිනි. එය එතරම්ම සංවේදී කතාවකි.

                උපුටා ගැනීම සාගරාන්තර ආලෝකය පරිවර්තනය ඇසුරිනි.
    

පිනි වැටුනු හිරිකටු ඔය



මලක හැඩ






විළිකුන් සුරත් ඵල වැනි මේ රිවි මඬල.........


ගන් කොමළි හා කිරිසයුර

මහ මුහුද සැඬ       සොඳට
ගන් කොමළි ගිය       දාට
පිනා ගොස් මහ කිරි සයුර
හඬා වැටුණා ගඟට ආවැඩ



ලැඟුම් ගත් සිප්සෙවණ

                                            ආදා සිටම තුරුලෙහි සෙනෙහස  පෑවා
                                            බාධා නොවී සිප් කිරි මැනවින්      බීවා
                                            වීදා පියා නැණ බල දස දෙස       පෑවා
                                            බෝදා මෑණියනි සරසවි          දිනේවා................

තාක්ෂණික සීතල යුද්ධය 06

තාක්ෂණික සීතල යුද්ධය 06
අපිට නොවැදගත් ලෝකෙට වැදගත් G-20 සමුළුව හා ලොකු අයියාගේ මැදහත්කරණය
මේ වසරට අදාළ G-20 සමුළුවත් ඔන්න අවසන් වුණා. ලෝක ආර්ථික බලවතුන් මෙවර හමු වුණේ ජපානයේ ඔසාකාවල දි. ලෝකයේ ආර්ථික, සමාජයීය, දේශපාලනික අනාගතය කෙරෙහි අතිදැවැන්ත බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ සමුළුවට ලෝකේ පුරාම තියෙන්නේ බරපතල විරෝධතා. ලෝකෙට එහෙම වුණත් ඇත්තට ම අපිට මේක වැදගත් නැද්ද... පේන හැටියට නම් අපේ රට මේ සමුළුව තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ වගේ.
කවුද මේ G-20 කියන්නේ....
‘Group of Twenty‘ එහෙමත් නැත්නම් ‘විස්සේ කල්ලිය‘ කිව්වත් කමක් නෑ. මේ කල්ලිය කුඩා කණ්ඩායම් පහකින් තමයි හැදෙන්නේ. ඔස්ට්‍රේලියාව, කැනඩාව, සෞදි අරාබිය, ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, තුර්කිය, ආජන්ටිනාව, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එංගලන්තය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය තමයි මේ සෙට් එක.
අපිට නැතත් ලෝකෙට මෙයාලා වැදගත් ඇයි...?
යුරෝපා සංගමය හැර මෙතන ස්වාධීන රටවල් දහ නවයක් තියෙනවා. දල ලෝක නිෂ්පාදිතයෙන් 90%ක් අයිති වෙන්නේ මේ විස්සේ කල්ලියට. එහෙම නම් එකසිය අසූවකට ආසන්න අනෙක් රටවල් ඔක්කෝ ම ලෝක නිෂ්පාදනයට දායක වෙන්නේ 10%කින්.
ලෝක වෙළෙදාමෙන් 80%ක් අයත් වෙන්නෙත් මේ විස්සේ කල්ලියට. එහෙමනම් අනෙක් ඔක්කොට ම තමයි ඉතිරි 20%.
ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් ම ඉන්නේ මේ විස්සේ කල්ලියට අයිති රටවල. එහෙම නම් ඉතිං අනෙක් රටවල ශ්‍රම බලකායන් ගැන කතා කරන්න දෙයක් නෑ.
ඒ වගේ ම තමයි ලෝකයේ භූමි ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් භාගයක් ම අයිති වෙන්නේ මේ කල්ලියට.
ඔන්න ඔය හේතු නිසා මෙයාලා ගන්න තීන්දු තීරණ මුළු ලෝකෙට ම බලපානවා. අනික මෙහෙම මුණ ගැහිලා එයාලා එයාලා ගොඩ යන්න තීන්දු තීරණ ගන්නවා මිස අනිත් රටවලට යහපතක් කරන්න සෙට් වෙනවා කියලයැ. ඒකනේ ලෝකේ පුරා ම මේකට විරෝධතා හැදෙන්නේ.
එහෙම බැලුවා ම ලංකාවේ අපිට නැතත් ලෝකෙට නම් මෙයාලා ව අතිශයින් ම වැදගත්.
කවුද මේකට සෙට් වෙන්නේ...?
වෙන කවුරුත් නෙවෙයි ඉතිං. ඒ ඒ රටවල ලොකු ලොක්කෝ ටික තමයි. මේ රටවල්වල රාජ්‍ය නායකයන් ටික, මුදල් ඇමැතිවරු සෙට් එක සහ විදේශ ඇමැතිවරු සෙට් එක. යුරෝපා සංගමය වෙනුවෙන් සංගමේ කමිෂනර් එක්ක යුරෝපා මහ බැංකුවේ ලොක්ක තමයි එන්නේ. එහෙම බැලුවොත් ලෝක පාලනය අතේ තියන් ඉන්න සෙට් එක තමයි මෙතන දී සෙට් වෙන්නේ.
මොකද්ද මෙයාලගේ අරමුණ...?
වෙන මුකුත් නෙවෙයි ග්ලෝබල් ඇජෙන්ඩාවක් මුලට දාගෙන, ඒකට මුවා වෙලා එයාලගේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීම ම තමයි ඉතිං. ඔන්න ඔය නිසා තමයි මුලින් ම මම විස්සේ කල්ලිය කියලා කිව්වෙත්. මොකෝ ඉතිං එහෙම නැතිව එයාලා එහේ සෙට් වෙලා මෙහේ ඉන්න අපේ ආර්ථිකේ නංවන විදිය ගැන සැලසුම් කරන්ඩ යැ... පිස්සුනේ...
එතකොට මේ පාර මොකද වුණේ...
මෙයාලගේ මූලික කතාබහ ලෝක ආර්ථික ස්ථායීතාව දිගේ ඇදිලා ගියාට සමුළුවට සෙට් වෙන්න කලින් ම වෙන්න පුළුවන් දේවල් ගැන සියලු දෙනාට ම අවබෝධයක් නොතිබුණත් නෙවයි. ඒ තමයි ට්‍රම්ප්පච්චියි Xi Jin ping උන්නැහේ අතරයි නිර්මාණය වෙලා තිබුණු විරසකය. හුවාවී තහනමෙන් ඇවිලිලා දෙන්නා දෙපැත්තට ම බදු ගහගෙන ගහගෙන ගියානේ. කවුරුත් නොකිව්වට ඕක තමයි ඉතිං මේ පාර ප්‍රධාන සාකච්ඡාව වුණේ.
අන්තිමට ඔන්න දැන් දෙන්නා ශේප්. ට්‍රම්ප්පච්චීට ටිකක් පස්සට අඩියක් තියන්න වුණා. මොකද පොර විස්සයි විස්සට සෙට් වෙන නිසා. එහේ ගොයියෝ ටිකයි බිස්නස් අයිතිකාරයොයි ට්‍රම්ප්පච්චිගෙන් ගේම ඉල්ලානේ තිබුණෙත්. කොහොමෙන් හරි දැන් ඔන්න ඒ තරහ මරහත් තරමක් දුරට අහවරයි කියමුකෝ. ඒ නිසා ට්‍රම්ප්පච්චී කියනවා ඔන්න ආයි හුවාවී එක්ක ගණුදෙනු කරන්න තහනමක් නෑලු... අර ගහනවයි කිව්ව බදුත් නොගහ ඉන්නම් ලු... Xi Jinping උන්නැහේ එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්න කැමතියි ලු...
ඒ වගේ ම තමයි මේ පාර කාලගුණ දේශගුණ විපර්යාස, සාමුද්‍රීය දූෂණය, පොලිතින් ප්ලාස්ටික් ගැටලුව ගැනත් කතා බහ වෙලා තිබුණා. යුරෝපෙට මේ දවස්වල බලපාලා තියන අධික රස්නේ නිසා දේශගුණ කාලගුණ කතාවට දැන් නම් වැඩි අවධානයක් යොමුවෙන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඔය කිව්වට මෙච්චර කාලෙකට එහෙම ම වෙලත් නෑ. ඔය ගැන කතා කරද්දී ට්‍රම්ප්පච්චී නම් කියලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්...
I'm not willing to sacrifice.... ඉතිං ඒ නිසා අපිත් ආයි ඒ ගැන ලොකුවට නොහිතා ඉමු නේ.
ඒ වගේ ම තමයි ට්‍රම්ප්පච්චීට ආයිමත් Kim Jong Un කොළුවව මුණ ගැහෙන්නත් අදහසක් පහල වෙලා. සමුළුවේ දී ඒ ගැනත් කතා කරලා. කොරියාවේ අවි මුක්ත කලාපෙටත් යන්න සැලසුම් කරගෙන. ඒ විතරක් නෙවෙයි, ජපානෙත් එක්ක තියෙන ආරක්ෂණ ගිවිසුම ගැන කතා කරන්න අමතක කරලා නෑ. ට්‍රම්ප්පච්චී කියලා තියෙන්නේ ඒ ගිවිසුම ජපානේ පැත්තෙන් හරි ම අසාධාරණ එකක් කියලා. අපි ගැහුවොත් එයාලට බලන් ඉන්නනේ තියෙන්නේ. ඒක හරි අසාධාරණයි. ඒ නිසා ඒක වෙනස් කරන්න කාලේ හරි වගේ අදහසක තමයි ට්‍රම්ප්පච්චී ඉන්නේ.
මේ විස්තර කෙටියෙන් කිව්වේ මේ පාර සමුළුවේ දී අපේ ලොකු අයියා, ඒ කියන්නේ මෝදි උන්නැහේගේ මැදිහත්වීම් ගැනත් කතා නොකරම බැරි නිසා. අනෙක් සමුළුවලට වඩා මේ පාර මේ මැදිහත්වීම නම් බරපතල විදියට කැපිල ම පෙනුනා.
මොකද කියනවා නම් සමුළුව අතරතුර මෝදි උන්නැහේ පූටිං උන්නැහේ වගේ ම Xi Jinping උන්නැහේ එක්කත් වෙනමමත් එකතුවෙලත් කතා බහ කළා. ට්‍රම්ප්පච්චී එක්කත් ජපානේ Shinzo Abe උන්නැහේ එක්කත් වෙනමමත් එකතු වෙලත් කතා කළා.
මේක කැපී පෙනෙන්න හේතු වෙන්නේ මේ ලෝක නායකයන් අතර නිර්මාණය වෙලා තියෙන බරපතල අර්බුද නිසා. හැබැයි මෝදි උන්නැහේ මේ අය එක්ක බොහොම මැදහත් විදියට මේ ගණුදෙනුව කරලා තියෙන බව තමයි කියන්නේ.
ඒ විතරක් නෙවෙයි සමුළුව අතරතුර BRICS හවුලේ ලොක්කෝ එක්කත් බොහොම සාර්ථක කතාබහක් සිද්ධ වෙලා තියනවා. ඒකෙදි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ හවුල අතරේ වෙන ජාත්‍යන්තර වෙළෙද ගණුදෙනු වලට සහ ඩිජිටල් ඉකොනොමියට. ආරක්ෂණවාදයට මුල් තැන දෙන්න ගියොත් මොකද වෙන්නේ කියන එක ගැනත් කතා කරලා හීනියට ට්‍රම්ප්පච්චිට ටොක්කක් අනින්නත් අමතක කරලා නෑ. ජාත්‍යන්තර ත්‍රස්තවාදය, ඒකෙන් වෙන හානි ගැනත් බරපතල විදියට කතා බහ කරලා තියෙනවා.
එතකොට කවුද මේ BRICS හවුල කියන්නේ... බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එකතු වෙලා හදාගත්ත හවුල තමයි BRICS කියන්නේ. මේ රටවල් පහ කියන්නේ අනාගත ලෝක ආර්ථික බලවතුන්.
ඒ වගේ ම තමයි රුසියාවයි, ඉන්දියාවයි චීනෙයි එකතු වෙලා හැදුණු RIC හවුල. ඒකෙදි වැඩි අවධානයක් දීලා තියෙන්නේ ජාත්‍යන්තර තත්ත්වයන් ඇතුලේ කොහොමද මේ හවුලේ පැවැත්ම තහවුරු කර ගන්නේ කියන කාරණාවට. මෙතනදීත් මෝදි උන්නැහේගේ මැදිහත් වීම කැපී පෙනෙනවා.
ඊළගට වැදගත් වෙන්නේ JAI එකතුව. ඒ කියන්නේ ජපානය, ඇමෙරිකාව හා ඉන්දියාව එකතු වුණු හවුල. මේකේදි කතා කරලා තියෙන්නේ ඉන්දු පැසිෆික් කලාපය ඇතුලේ කොහොමද මේ තුන්දෙනා එකට එකතු වෙලා උදව් පදව් කරගෙන හෙම ගේම ගොඩ දා ගන්නේ කියන එක.
මේ ඔක්කොම කරන අතරේ මෝදි උන්නැහේ ඉන්දුනීසියාව එක්කත් බරපතල කතාබහක නිරත වෙනවා. ඒ ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo උන්නැහෙත් එක්ක. ඒ වෙන මුකුත් නෙවෙයි 2025 ගේම් එක ගැන. මේ අවුරුදු හය ඇතුළත මේ දෙන්නාගේ බලාපොරොත්තුව දෙරට අතර වෙළෙද ගණුදෙනුව ඩොලර් බිලියන 50ක් පන්නන්න. මොකද 2016 දී මේ දෙගොල්ල ඩොලර් බිලියන 12.9ක ගණුදෙනුවක් කරලා තිබුණා. 2017 දී මේක ඩොලර් බිලියන 18.3ක් වෙනකල් වර් ධනය වුණා. ඒ කියන්නේ ඉස්සරහට මේ අරමුණට යන්න ලොකු අමාරුවක් නෑ කියන එක.
එතනින් නොනැවතුනු මෝදි උන්නැහේ සෞදි අරාබිය, දකුණු කොරියාව වගේ ම ජර්මනියේ ලොක්කෝ ලොක්කියෝ එක්කත් වෙන වෙන ම කතා දාලා තියෙනවා.
මේ හැම දෙයක් ම අපිට වැදගත් වෙන්නේ අපි ඔක්කොම එක ම කලාපයක ඉන්න නිසා. මොකද මෝදි උන්නැහේගේ තීන්දු තීරණ වක්‍ර ව විතරක් නෙවෙයි ඍජුව ම අපිටත් බලපාන්න පුළුවන් නිසා....

උපුටා ගැනීමකි.....

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...