Sunday, July 28, 2019

හුස්ම තරම් හැමදාම ළඟ උන්න.

පුද නොකළ ප්‍රේමයට 
ගෙතූ කවි පද කුමට
උන්මාද නෙතු දකින 
සිහිනයකි ,බොඳව ගිය
කුරිරු කුල මතට 
පෙම්බැන්ඳ
ලීස්තර වැට කොයිද අද
ඒ උඩින් ඉගිළ ගිය
.. දම්මි ...
නුඹ ....  
නූපන් පරපුරක සුව පතන 
නිහඬ බව අමෝරා ගෙන 
ටොන් ගණන් බර.....
තද හුස්ම වැටුනා හරි හරියට
ඇහි පිළ්ලමක් යට සැඟවුණ 
හැඟුම් තිබුණා ඉස්සරම
හ්ම්ම් ' කියල මඟහැරපු
හැම දේම දරා ගෙන 
සිනාසෙන හැටි කියා දුන්න
කඳුළ නුඹ නම් හරි අපූරුයී 

හුස්ම තරම් හැමදාම ළඟ උන්න..

No comments:

Post a Comment

The light between oceans

පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද ...