ගහක අයැදුම..
නුඹ
මද පවනක්ව නාවේ ඇයිද?
සිසිල දිවාකර හට පොවමින්
රසමුසු තැන් සොයා
ගුවන් සිසාරා මුතු අකුරු ඇහිදින්න..
මොහොතකට
නුඹට හැකිද?
සැඩ සුළගක්ව අනෝරා වැසි සමග
ඇවිදින් මේ මහා මිහිමව්ව සනසවන්නට
එකම එක
මනුසතෙක්ටවත් ඉඩක් නොදීම,
හිස්ව ඇති හිත් ආදරෙන් සෙනෙහසින්
නාවාන්නට
ඇහැකිද නැවත ඇවිත් යන්න...
No comments:
Post a Comment